මුතු රාජා:'අන්න ඉතිං මුතූ අන්තිම පාරට යන්නම යනවා. ආයේ නොඑන්නම යනවා'

වීඩියෝ ශීර්ෂ වැකිය, මුතු රාජා : 'අන්න ඉතිං මුතූ අන්තිම පාරට යන්නම යනවා. ආයේ නොඑන්නම යනවා'මුතු රාජා
Published

දශක දෙකකට පසු මුතු රාජා අද (ජූලි 02) යළි තායිලන්තය බලා රැගෙන යනු ලැබුවා.

කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරියා BBC සිංහල සේවයට පැවසුවේ මුතු රාජා රැගත් යානය අද පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බවයි.

එම අවස්ථාව දැක ගන්න මුතු රාජාට ආදරය කරන පිරිසක් දෙහිවල සත්වෝද්‍යානයට මෙන්ම කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

2001 වසරේ දී තායිලන්ත රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතු රාජා අලුත්ගම, කන්දේ විහාරය භාරයේ සිටිය දී හිංසනයට ලක් වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබා දීම සඳහා යළි රැගෙන යෑමට තායිලන්ත රජය විසින් පියවර ගනු ලැබුවේය.