''දඬු ලේනා පිටින් සමාජයේ සැබෑ ප්‍රශ්න යට ගහන්න පුළුවන්.'' - ආචාර්ය ජගත් ගුණවර්ධන
Published
අස්වැන්න අඩුවීමේ ප්‍රධාන හේතුව පළිබෝධකයන් නොව පරගකාරක ඌණ වීම බව පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.
ශ්‍රී ලංකාවේ බෝග වලට වැඩියෙන්ම හානි කරන පලිබෝධකයන් පසෙකලා දඬු ලේනා ජාතික සත්ත්වයාගෙන් ඉවත්කිරීමට යෑම සැබෑ ප්‍රශ්න යට ගැසීමේ උත්සහයක් විය හැකි බව ආචාර්ය ජගත් ගුණවර්ධන BBCයට පැවසුවේය.
ඔහු අවධාරණය කරන්නේ ඇමතිවරුන්ට විෂයන් බෙදීමේදී කෘෂිකර්ම සහ වනජීවී ක්ෂේත්‍ර එකම ඇමතිවරයෙකුට ලබා දුන්න ද දඬු ලේනන්ගෙන් වන වගා හානිය කෘෂිකර්මය පැත්තෙන් පමණක් නොව වනජිවීන්ගේ පැත්තෙන් ද අවධානය යොමු කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා ලෙස නම් කර ඇති දඬු ලේනා ඉන් ඉවත් කිරීමටහැකිදැයි සොයා බලන බව මීට පෙර කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
