සාමාන්‍ය පෙළ විභාගය ; ''අද විභාග ශාලාවේදීත් ලයිට් කැපුවා. කියන දේ කරන්නේ නෑ මේ ආණ්ඩුවෙන්.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අද විභාග ශාලාවේදීත් ලයිට් කැපුවා. කියන දේ කරන්නේ නෑ මේ ආණ්ඩුවෙන්.''
Published

වසංගත, දේශපාලන අර්බුද, ඉන්ධන අර්බුද හා තවත් ගැටලු රැසක් මැද අද ආරම්භ වූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දරුවන් ලක්ෂ පහකට අධික සංඛ්‍යවක් පෙනී සිටිති.

ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන ගැටලු ඇතිවීම සහ විදුලිය කප්පාදුව ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු වේ.

හෙට දිනයට නියමිත විෂයට සුදානම් වීමට අමතරව හෙට දිනයේදී පාසලට යා හැකි ක්‍රමයක් කල්පනා කිරීමට සිදුවීම නිසා දරුවන් තුළ පීඩනය තවත් වැඩි වී ඇතැයි මවුපියෝ පවසති.

2021 දෙසැම්බර් මාසයේ පැවැත්වීම‍ට නියමිතව තිබූ මෙම විභාගය කොවිඩ් වසංගතය නිසා පාසල් මාස 05ක් වසා දැමීම හේතුවෙන් අද දිනය දක්වා කල් දැමීමට සිදුවිය.

ජුනි 01 දා දක්වා මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ.