රට ගොඩගත හැකි සැලැස්මක් රනිල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, රට ගොඩගත හැකි සැලැස්මක් රනිල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
Published

රටේ මුල්‍ය පාලනය සඳහා කෙටුම්පතක් එක්සත් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී ඔහු අවධාරණය කළේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක තත්ත්වයට පත්කළ බවයි.

මේ අතර 19 ව්‍යවස්ථාව සංශෝධන සහිතව බලාත්මක කිරීම පවතින දේශපාලන අර්බුදයට කෙටි කාලීන විසඳුමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ සිල්ලර විසඳුම් ඉදිරිපත් නොකර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට වහා ක්‍රියා කළ යුතු බවයි.