පාකිස්තානයේදී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාරගේ දේහය අද රැගෙන එයි

වීඩියෝ ශීර්ෂ වැකිය, පාකිස්තානයේදී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාරගේ දේහය අද රැගෙන එයි
Published

පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ඉංජිනේරු ප්‍රියන්ත කුමාරගේ දේහය අද (දෙසැම්බර් 06 වැනිදා) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට රජය පියවර ගෙන ඇත.

පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාරට අන්තවාදී කණ්ඩායමක් දෙසැම්බර් 03 සිකුරාදා ප්‍රසිද්ධියේ පහරදී ඝාතනය කර පුළුස්සා තිබුණි.

මෙම ඝාතනයට සැකපිට පුද්ගලයන් 126 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පාකිස්තානය පවසයි.