පරිසරය: කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනයේදී 'විශාල ගස්' වලට සිදු වන්නේ කුමක්ද ?

වීඩියෝ ශීර්ෂ වැකිය, පරිසරය ; කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනයේදී 'විශාල ගස්' වලට සිදු වන්නේ කුමක්ද ?
Published

කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දෙවැනි පර්යන්තය ඉදිකිරීම නිසා කැපීමට නියමිතව තිබු ගස් 419ක් නව තාක්ෂණය භාවිතය සහ සැලැස්ම වෙනස් කිරීම මත රැකගන්නට ක්‍රියා කර ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම පවසයි.

ඉන් ගස් 219ක් තිබෙන ස්ථානයේම සංරක්ෂණය කෙරෙන අතර තවත් ගස් 200ක් ''root balled'' ක්‍රමය භාවිතයෙන් වෙනත් ස්ථානයක නැවත සිටුවීමට පියවර ගෙන ඇත. ඊට අමතරව බලශක්තිය ඉතිරි කිරීම සහ කාර්යක්ෂම ජල පරිහරණය වැනි පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කෙරේ.

පරිසරහිතකාමී ලෙස ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘතිය දැනටමත් ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්ව ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ චන්ද්‍රසිරි බීබීසී සිංහල සේවයට කියා සිටියේය.