සබරගමුව පළාතේ උසම තැනක හුදෙකලාව දිවි ගෙවන්නෝ
Published
සබරගමුව පළාතේ උසම ජනාවාසය ලෙස සැලකෙන නැග්රැක් ගම්මානයේ ජනතාව ඉතා කටුක දිවි පෙවෙතක් ගත කරති. මුහුදු මට්ටමින් අඩි 6990ක් ඉහළින් පිහිටි එම ගම්මානය බලන්ගොඩ, නන්පේරියල් මංසන්ධියේ සිට කිලෝමීටර් 21ක් දුරින් පිහිටා තිබේ.
වසරේ මාස හයක් තද සුළං හමන එම ගම්මානයට යාම සඳහා ඉතා දුෂ්කර, කඳුකර මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 14ක් පා ගමනින් යා යුතුව ඇත.
ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ජාතිකයන් එහි ජීවත්වන අතර ඉන් බොහෝ දෙනා කිසි දිනෙක කොළඹ දැක නැති බව ද ඔවුහු බීබීසී සිංහල සේවයට කියා සිටියහ.
මේ තොරතුරු ද දැනගන්න: