ජනාධිපති ජනවරම පාවා දීලා - හිටපු අමාත්‍ය වාසුදේව
Published
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 08 වැනි දින ඔහුට ලැබුණු ජනවරම පාවා දී ඇති බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ බීබීසී යේ අසාම් අමීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත වේදිකාවට ගෙන ඒම සඳහා දියත් කළ ජනතා ව්‍යාපාරය ජයග්‍රහණය කොට ඇති බවත් ඊට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ එකඟත්වය ද ලබා ගැනීමට හැකි වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.