BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
FIFA World Cup 2026: ස්පාඤ්ඤය ආර්ජන්ටිනාව පරාජය කරමින් දෙවන වරටත් ලෝක කුසලානය දිනා ගනියි
2026 FIFA පාපන්දු ලෝක කුසලානයේ ජය ස්පාඤ්ඤය හිමි කරගත් අතර, ඔවුන් ගෝල 1-0ක් ලෙස පසුගිය තරගාවලියේ ශූරයන් වූ ආර්ජන්ටිනාව පරාජය කිරීමට සමත් වූහ. පාපන්දු ඉතිහාසයේ විශාලතම ලෝක කුසලාන තරගාවලිය ලෙස මෙම තරගාවලිය ජූනි 11 වන දින ආරම්භ විය.
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂයේ' විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් යාමේ සූදානමක්
ඉන්දියාවේ අධ්‍යාපන ක්රමයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා 'කැරපොතු ජනතා පක්ෂය' විසින් මෙම පාගමන සංවිධානය කර ඇත. අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතා ආරම්භ වුව ද, මේ වන විට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවෝ බල කරති.
අද බ්‍රිතාන්‍ය අගමැති ධූරය භාර ගැනීමට නියමිත ඇන්ඩි බර්න්හැම් යනු කවුද?
වසර 4ක් තුළ බ්‍රිතාන්‍යයේ අගමැති ධූරය භාර ගන්නා 5 වන පුද්ගලයා බවට ඇන්ඩි බර්න්හැම් අද (ජූලි 20) පත්වීමට නියමිත ය. තුන්වන චාල්ස් රජු සමග පැවැත්වෙන හමුවකින් පසු, සඳුදා දිනයේදී බර්න්හැම් නිල වශයෙන් ශ්‍රීමත් කියර් ස්ටාමර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස එක්සත් රාජධානියේ 59 වන අගමැතිවරයා (සහ පසුගිය වසර 10 තුළදී පත් වන 7 වන අගමැතිවරයා) බවට පත්වනු ඇත.
'ලැජ්ජාසහගතව' හැසිරුණු ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලැබූ ජය 'පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණයක්' ද?
ෆර්නැන්ඩස්ට මුලින් ම කහ කාඩ්පතක් පෙන්වූයේ, විනිසුරුගේ තීරණයකට විරෝධය දැක්වීම හේතුවෙනි. පසුව ඔහු පිටියෙන් ඉවත් කරන ලද්දේ, කුබාර්සි බිම ඇද වැටීමට හේතු වූ ලේට් ටැකල් කිරීමක් නිසා ය. සම්පූර්ණ කාලය අවසන් වූ විසිල් හඬෙන් පසුව පරේදේස් සහ රොඩ්රි, ගාවි සහ බෝර්හා ඉග්ලේසියස් සමග ගැටුමකට එළැඹි අතර, ඔහුගේ කණ්ඩායම් සගයා වූ නවෙල් මොලීනා එතැනින් ගමන් කරමින් සිටි ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකුට පහරක් එල්ල කරන ආකාරය ද දැකගත හැකි විය.
ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?
මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.
නිවාඩුවක් අතරතුර රස බැලූ ආහාර වේලක් මොළයේ පරපෝෂිතයන් 38කට මග පෑදූ හැටි
ලොව පුරා මිලියන 8.3ක් දක්වා වූ පිරිසක් රෝග ලක්ෂණ සහිතව හෝ රෝග ලක්ෂණ නොපෙන්වන 'නියුරෝසිස්ටිසර්කෝසිස්' තත්ත්වයෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි. මෙම රෝගය බහුලව පවතින ප්‍රදේශවල අපස්මාරය ඇතිවීමට බලපාන, වළක්වා ගත හැකි ප්‍රධානතම හේතුවලින් එකක් ලෙස මෙය සැලකේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඔබත් මෙම AI කතුන්ට රැවටුණා ද? නව අධ්‍යයනයකින් හෙළිවූ කරුණු
මෙම අධ්‍යයනයේ හමුවූ සීමා ද වැදගත් සොයාගැනීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දෙන ඔහු ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ, මෙම ගිණුම් එක ම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සතු ද , ඒවා මෙහෙයවන්නේ කවුද, ඒවා පිටුපස ස්වයංක්‍රීය පද්ධති තිබෙන්නේ, සහ ඒවායෙන් ලැබෙන ආදායම අවසානයේ කා වෙත ගලා යන්නේ ද යන්න ෆේස්බුක්හි ප්‍රසිද්ධියේ පෙනෙන තොරතුරු පමණක් ඇසුරෙන් තහවුරු කළ නොහැකි වීම යන්න ය.
මරියසෙල් ගුණතිලක: අවුරුදු 7දී ගායන වේදිකාවට පා තබා 68දී ජීවිත වේදිකාවෙන් බැස ගිය 'කැන්ඩි ළමිස්සි'
සිංහල සංගීත ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, 'කැන්ඩි ළමිස්සි' ගීතය යි. 1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.
ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්
රජයේ මුදල් කාරක සභාවට අනුව, මෙම වංචාව සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ අදාළ මූල්‍ය ආයතනයෙන් ඒවා ඇති බවට පෙනෙන ව්‍යාජ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් හරහා ය. වංචාකරුවන් සැබෑ ණයහිමියාගේ ලිපිනයට සමාන විද්‍යුත් තැපැල් ලිපින භාවිතාකර වෙනස් කළ බැංකු ගිණුම් විස්තර අඩංගු ඉන්වොයිසි යවා ඇති බව මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන ඔබ නිතර නගන ප්‍රශ්න 10කට පිළිතුරු
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ජූලි 5 සහ ජූලි 6 යන දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාඨක ඔබ නගන ප්‍රශ්න 10කට පිළිතුරු ලබාදීමට මෙම ලිපිය මගින් බීබීසී සිංහල අපේක්ෂා කරයි.




















































