'මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොලාම එකට ගැට ගහන්න, ගහගෙන ගියොත් අපි 29 දෙනාම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ.'
'මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොලාම එකට ගැට ගහන්න, ගහගෙන ගියොත් අපි 29 දෙනාම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ.'
Published
ගම්පොළ කහටපිටිය-බැබිල ප්‍රදේශයේ ගංවතුරෙන් මුළුමනින් ම යට වී ගිය දෙමහල් නිවසක, අඩක් නිම කර තිබු තුන්වෙනි මහළේ සිටි තමන් ඇතුළු 29 දෙනෙකු දිවි ගලවා ගත් ආකාරය මොහොමඩ් හාරිස් මෙලෙස බීබීසීයට විස්තර කළේය.
ගංවතුර මට්ටම ඉහළ යාමත් නිවසේ කොටු වූ තම ඥාතීන් සහ දරුවන් සමඟ දිවි ගලවා ගැනීමට කිසිදු මඟක් නොවුයෙන් සිය ජීවිතය සම්බන්ධ සියලු බලාපොරොත්තු අතහැර දැමු බව ද ඔහු එහිදී පැවසීය.