'සුන්බුන් අතර ජීවත් වෙන්න ශක්තියක් වුණේ මගේ බබා'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'භූමිකම්පාවේ සුන්බුන් අතර ජීවත් වෙන්න මට ශක්තියක් වුණේ මගේ බබා'
'සුන්බුන් අතර ජීවත් වෙන්න ශක්තියක් වුණේ මගේ බබා'
Published

වෙනිසියුලාවේ භූමි කම්පාවෙන් කඩා වැටුණු නිවසක සුන්බුන් අතරින් දින 18ක් වයසැති සිය බිළිඳා ද සමඟ මුදාගත් මවක්, තම පුතු තමන්ව ජීවත් කරවීමට උදව් වූ ආකාරය BBC වෙත පැවසුවාය. දයානා පැටීනෝ පැවසුවේ ඇගේ පුත් හුවාන් ඩේවිඩ් ඇයට "අවදිව සහ අවදානයෙන් සිටීමට පෙළඹවීමක්" ලබා දුන් බවයි.

මෙම මුදාගැනීමේ දර්ශන ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති අතර,පසුගිය බදාදා (ජූනි 24) රට තුළ ඇති වූ භූමිකම්පා දෙකකින් අවම වශයෙන් පුද්ගලයන් 1,450 දෙනෙකු මියගොස් තිබේ. විනාශයට පත් වූ වෙනිසියුලාවේ බලාපොරොත්තුවේ සංකේතයක් බවට හුවාන් ඩේවිඩ් බිළිඳා පත්ව සිටී.