සිංහයෙකුට අසුවී විනාඩි 30ක් සිටි අයෙක් දිවි බේරා ගනී
සිංහයෙකුට අසුවී විනාඩි 30ක් සිටි අයෙක් දිවි බේරා ගනී
Published
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දී සිංහයෙක් ප්‍රදේශයේ ගොපොල්ලෙකු අල්ලාගෙන, විනාඩි 30 කට ආසන්න කාලයක් බිම පෙරළාගෙන සිට තිබේ. අදාළ පුද්ගලයා ඉතා සන්සුන්ව සිටීම හේතුවෙන් ජීවිතය බේරා ගැනීමට සමත් වී ඇත. ඔහුගේ ශරීරයේ ස්ථාන කිහිපයකට තුවාල සිදුවී ඇති අතර, ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ලොව වනගතව ආසියාතික සිංහයන් ජීවත්වන එකම ස්ථානය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය වන අතර, නවතම සංගණනයට අනුව එහි සිංහයන් 891 දෙනෙකු වාර්තා වී ඇත.



