රොස්මන්ඩ් සේනාරත්න: කෙටි තරංග ඔස්සේ ඇරඹි ආදර කතාවේ සිට මාධ්‍ය ප්‍රධානියෙකු දක්වා පැමිණි ගමන්මග
රොස්මන්ඩ් සේනාරත්න: කෙටි තරංග ඔස්සේ ඇරඹි ආදර කතාවේ සිට මාධ්‍ය ප්‍රධානියෙකු දක්වා පැමිණි ගමන්මග
Published
1966දී එවකට රේඩියෝ සිලෝන්හි පුහුණු කාර්මික ශිල්පියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ රොස්මන්ඩ් සේනාරත්න කාර්මික ශිල්පියෙකු, නිවේදකයෙකු, අලෙවිකරුවෙකු සහ මාධ්‍ය ආයතන කළමණාකරුවෙකු ලෙස මෙරට ගුවන් විදුලි සහ රූපවාහිනි ක්ෂේත්‍රයේ වසර 50ක අත්දැකීම් සහිත අයෙකි.
ලංකාවේ රුපවාහිනී පුවත් සජීව ලෙස ඉදිරිපත් කළ පළමු නිවේදකයා මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනි රියලිටි වැඩසටහන ලෙස හැඳින්වෙන 'ඇසේ මධුර ගී' නිෂ්පාදකවරයා සහ නිවේදකයා ලෙස ක්‍රියා කළ ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ හඳුන්වාදීම් සිදු කළේය.
කෙටි කෙටි තරංග ඔස්සේ ඇරඹි ආදර කතාව සිට වසර 50ක මාධ්‍ය චාරිකාවේ රසමුසු අත්දැකීම් ඔහු BBC සිංහල සමග විස්තර කළේ ය.









