ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගු බවට වාර්තා වන සිද්ධිය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ප්‍රශ්න කෙරේ
- Author, බීබීසී සිංහල
- Published
පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම මන්ත්‍රිනී සංසදයේදී දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇති බවට බීබීසී සිංහල සේවය පළ කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අද (ජූනි 09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කෙරිණි.
වාර්තාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට බලාපොරොත්තු වන බවට වන ප්‍රකාශ, මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර විමසීම, ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට දෝෂාරෝපණය කිරීම සහ පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ බව කියන ප්‍රමාදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළහ.
එහිදී, පිළිතුරු දුන් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, බීබීසී මාධ්‍ය වාර්තාව තමන් නොදුටු බවත්, දූෂිතයින් ආරක්ෂා කිරීමට රජය ක්‍රියා නොකරන බවත් ය.