ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෙනෙහසේ කැදැල්ලේ ගින්න: රැකවරණ ලාභීන්ට දම්වැල් දමා තිබීම ගැන පාලිකාව BBCයට කතා කරයි
සෙනෙහසේ කැදැල්ලේ ගින්න: රැකවරණ ලාභීන්ට දම්වැල් දමා තිබීම ගැන පාලිකාව BBCයට කතා කරයි
Published
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ සෙනෙහසේ කැදැල්ල නමැති රැකවරණ මධ්‍යස්ථානය ගිනි ගන්නා අවස්ථාවේදී එහි සිටි පිරිස අතරින් කිහිප දෙනෙකු දම්වැල් දමා බැඳ සිටි බැවින් ඔවුන් බේරා ගැනීමට නොහැකි වූ බව ඒ සඳහා ඉදිරිපත් වූ අය පැවසූ අතර එය සමාජයේ දැඩි සංවාදයට ද ලක් විය.
ඒත් සමග එම ආයතනයේ ප්‍රමිතිය, අරමුණු සහ රැකවරණය ලැබූ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ගැන බොහෝ විවේචන එල්ල විය.
මේ සම්බන්ධයෙන් සෙනෙහසේ කැදැල්ලේ පාලිකාව වූ ඉන්දුනී ඒකනායක සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් පී.එල්.ජී. ගීතිකා බීබීසීය වෙත අදහස් පළ කළහ.